Gossip

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා පිටව ගිය අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගියේය.

අයි.ඩී.එච්, ඉරණවිල සහ වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර මේ වන විට නාවික හමුදා සාමාජිකයින් හා අශ්‍රිතයින් 400ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව මේ වන විට දිවයින් පුරා රෝහල්වල පුද්ගලයින් 583 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා.

මෙරට කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තා වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!