කොරෝනා වෛරසය සඳහා එන්නත් සහ ප්‍රතිකාර සොයා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක (ලංකා රුපියල් බිලියන 1,500 ක පමණ ) මුදලක් පරිත්‍යාග කිරීමට ලෝකයේ රටවල් සහ විවිධ සංවිධාන රැසක් එකඟ වී තිබේ.
යුරෝපා සංගමය විසින් සංවිධානය කරන ලද ‘ඔන්ලයින්’ සමුළුවකදී රටවල් 30 ක් සහ සංවිධාන රැසක් මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බැව් සඳහන් වේ.
මේ හරහා කොරෝනා වසංගතයට එරෙහිව මහා පරිමාණ ගෝලීය සහයෝගිතාවක් ගොඩ නගා ගැනීමට හැකි වනු ඇතැයි යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලෙයන් පවසා තිබිණි.
මැඩෝනා වැනි කලාකරුවන් පවා මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට එකඟ වී තිබීම විශේෂත්වයකි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක (යූරෝ මිලියන 1 ක) මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇත.
එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 21 කට ආසන්න වේ. නෝර්වේ සහ යුරෝපා සංගමය ඇමෙරිකානු ඩොලර් බිලියනය බැගින් ලබා දීමට එකඟ වී තිබේ.
ප්‍රංශයද ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා දීමට නියමිත ය. සෞදි අරාබිය, ජර්මනිය, ජපානය වැනි රටවල් ඩොලර් මිලියන 800 කට වැඩි මුදලක් පොරොන්දු වී ඇති බැව් වාර්තා වෙයි.
