දඹුල්ල බස් නැවතුම්පොලේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා පැවසීය.
මේ දිය ආධුනික සෙබලාගේ නියැදි පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු වූ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.
මහනුවර රෝහල වෙත යවා තිබූ නියැදි ශරීරයේ කොටස් වල පරීක්ෂණ වාර්තාව ලැබුණු බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.
ඒ අනුව මියගිය හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කඩිනමින් සිදු කර මරණයට හේතුව සොයා බලා සිරුර යුද හමුදාවට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා සෙබළාගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්ත්වයක් ද තිබුණු බව යි. ඒ අනුව ද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන තිබේ.
