බිරිඳ සහ දරුවන් තමන් සමග ජීවත් නොවීම නිසා සිත් තැවුලට පත් කිළිනොච්චියේ වයෝවෘද්ධ පුද්ගලයෙකු 4 දා සවස යාපනයේදී සිය සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබා ගැනීම නිසා මිය ගොස් තිබේ.
සෙල්වදොරෙයි අන්තෝනී නමැති 61 හැවිරිදි මේ පුදගලයා කිළිනොච්චියේ ජීවත් වූවත් ඔහුගේ බිරිඳ හා දරුවන් වෙනම ජීවත් වීමට උත්සාහ කරන බව පවසා මීට මාස කීපයකට පෙර ඔහු යාපනයේ අලවෙඞ්ඩි ප්රදේශයේ සිටින සිය සහෝදරියගේ නිවසට ගොස් තිබේ.
ඇඳිරි නීතිය පැනවීමත් සමගම දිස්ත්රික්කයෙන් පිටතට යාමට ඔහුට නොහැකි වීම නිසා යාපනයට කොටු වූ ඔහු ඒ සම්බන්ධයෙන්ද දැඩි කලකිරීමකට පත්ව මේ කාලය ජීවත් වී තිබේ.
ඔහු වත්තේ කෙලවරකට ගොස් සිය සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබාගෙන ඇත. ඔහුව වහාම යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන එන ලද නමුත් ඔහු එහිදී මියගොස් තිබේ.යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ
