Gossip

“දඹුල්ල බස් නැවතුම්පලේදී යුද හමුදා සෙබළෙකු එක්වරම ඇදවැටී මියගිය කතාවේ සියළු විස්තර මෙන්න

වැටි සිටි හමුදා සෙබළාට උදව්වට බොහෝ පිරිසක් මග හැර යද්දී දඹුල්ලේ කොල්ලෝ කෙල්ලෝ පිරිසක් අවධානම නොතකා පිහිට වූ සිද්දියක් ඊයේ 04 දින පස්වරුවේ දඹුල්ලේදී වාර්තා වුණා.
දඹුල්ල බස් නැවතුම්පළ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු විනාඩි 30 ක පමණ කාලයකට පසු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එකතු වී ත්‍රිරෝද රථයකින් දඹුල්ල රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන තිබෙනවා.
දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට මෙම යුද හමුදා සෙබලා සිය ගමන් මල්ල එම ස්ථානයේ තබා වැසිකිළියට ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙන වත් සමග එක වැරම ඇද වැටුණු බව වැසිකිළියේ සේවකයෙකු පැවසීය.
බැලූ බැල්මට මෙම තරුණයා යුධ හමුදා සෙබළෙකු බව දැනගත් ප්‍රදේශයේ තරුණ තරුණියන් කීප දෙනෙකු පැය භාගයක පමණ කාලයක් මෙම තරුණයා හුස්ම අදිමින් සිටියදී රෝහලට රැගෙන යෑම සඳහා දැඩි උනන්දුවක් දැක් වනු ලැබූහ .
1990 ගිලන් රථයට පොලිසියට ආදී ප්‍රදේශයේ වගකිවයුතු අංශ වලට ඔවුන් දුරකථන ඇමැතුම් ලබා දුන් බව පවසති .
එම ස්ථානයේ යුධ හමුදා සෙබළුන් කිහිප දෙනෙකු ද සිටිනු දක ගැනීමට හැකිවිය. බොහෝදෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුධ හමුදා සෙබලාට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවිය .
පසුව තරුණයන් දෙදෙනෙකු වහා ම ක්‍රියාත්මකවී ආසන්නයේ තිබුණු ත්‍රීරෝද රථයක් කතා කොට ඔවුන් විසින්ම ඔසවාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කළේය කළහ.
මෙම තරුණයන් සහ තරුණියන් කියා සිටියේ ඕනෑම වෛරසයක් තමන්ට වැළඳුණ ද යුද හමුදා සෙබළා වෙනුවෙන් තමන් කැප කරන බව ප්‍රකාශ කරමින් ඔවුන් මෙම සෙබලා රැගෙන යෑමට පියවර ගැනීම විශේෂත්වයකි.
රෝහලට රැගෙන ගිය පසු මෙම පුද්ගලයා මියගිය බව දැනගැනීමෙන් අනතුරුව කැප කිරීම් කළ තරුණයන් සහ තරුණියන් පිරිස දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කරන්නට විය.
කෙසේ වෙතත් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙම සිද්ධිය සැලවීමත් සමග ගිලන් රථය එම ස්ථානයට එවා තිබිණි.
ඒ වනවිටත් ත්‍රිරෝද රථයකින් තරුණයන් විසින් මෙම හමුදා සෙබළා රෝහලට ගෙනවිත් තිබිණි.
මෙම යුදහමුදා සෙබලා කුමන හේතුවක් නිසා මියයෑම සිදුවුවේද යන්න දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!