කොරෝනා වෛරසය නිසා කුලී වැඩ කරපු, එදාවේල හරි හම්බකරගන්න පොඩි රස්සාවල් කරපු මිනිස්සු ගොඩ දෙනෙක් අසරණ වුණා.
ඒ වගේම අපේ වැඩිහිටි හුග දෙනෙකුට තමන්ගේ අසනීපෙකට බෙහෙත් ටික ගන්නවත් අතේ සල්ලි නැතිව දුක් විදින්න වුණා.
ඒ විදිහට සරණක් අවැසි මිනිසුන් වෙනුවෙන් පෙරට ආපු පිරිසක් ගැන අපිට අහන්න ලැබුණා.
කුරුණෑගල නාරායන ශක්ති සමාජ පදනමේ නිර්මාතෘ සහ මීගමුව බන්ධානාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා, නිරන්ජන් සම්පායෝ සහ ජාතික පාසල් අධ්යක්ෂ කිත්සිරි ලියනගමගේ යන අය එකතු වෙලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත බෙහෙත් ඖෂධ මිලදී ගන්න මුදලින් ආධාර ලබා දෙන්න කටයුතු කරලා තිබුණා.
දවස පුරාම දහස් ගණනකට මේ උතුම් වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඔවුන් කටයුතු කළ බවයි දැනගන්න ලැබුණේ.
කොහොම වුණත් බොහෝ දෙනෙකුගේ ඇස නොගැටෙන මේ වැඩිහිටියන් වෙනුවෙන් මේ වගේ ව්‍යසන අවස්ථාවක පිහිටක් වෙන්න හිතපු එකත් ගොඩක් වටිනවා කියලයි අපිට හිතෙන්නේ..
එහි ඡායාරූප පහතින්…
