ලබන 11 වැනිදා සිට රට විවෘත කරනු ලබන්නේ සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
රට විවෘත කිරීමෙන් පසු සාමාන්‍ය ජන ජීවිතය කුමන ආකාරයෙන් සකස් විය යුතු ද යන්න පිළිබඳ මාර්ගෝපදේශන මාලාවක් සකස් කරමින් සිටින බව ද එය සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස දැක බලාගත හැකි බව ද ඒ මහතා කීවේය.
මෙහිදී සමාජයේ විවිධ කාර්යයන් සිදු කරන විශාල පිරිසක් සිටින නිසා ඉදිකිරීම් ක්ෂේත්රය, අධ්‍යාපන ක්ෂේත්රය, ආයතන ප්‍රධානීන් ඇතුළු විවිධ ක්ෂේත්රවල අය සමග සාකච්ඡා කර මෙය සකස් කරන බව ද ඒ මහතා පැවසීය.
‘කොවිඞ් 19’ රෝගය මේ වන විට සමාජයේ සුළු වශයෙන් පවතින බවත් පෙරේදා (02 දා) ‘කොවිඞ් 19’ රෝගය වැළඳුණු රෝගීන් 15දෙනකු හමුවුණත් ඒ සියලූ දෙනාම නාවික හමුදා නිලධාරීන් සහ ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වූ අය බවත් ජාසිංහ මහතා පැවසුවා.
කොවිඞ් රෝගීන් හඳුනා ගැනීම සඳහා පෙරේදා (02 දා) පී.සී.ආර් පරීක්ෂණ 1681ක් සිදු කළ බවත් එය මෙතෙක් එක් දිනක සිදු කළ වැඩිම පරීක්ෂණ ප්‍රමාණය බවත් හෙතෙම කීවේය.
මෙය සැලකිල්ලට ගැනීමේදී සමාජයේ රෝගීන් වාර්තාවීම සුළු වශයෙන් සිදු වන බවත් ජනතාවගේ කැපවීම මත මෙම තත්ත්වය තවත් අඩු කරගත හැකි බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම රෝගයේ පාලනය සෞඛ්‍ය අංශවලින් මිදී නැති බවත් අවශ්‍ය වුවහොත් රෝගීන් දහසකට වැඩි පිරිසකට වුවත් ප්‍රතිකාර කිරීමේ හැකියාව රෝහල් පද්ධතියට ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
උපුටා ගැනීම – දිවයින පුවත්පත
