ඊයේ (03) දිනය ඇතුළත කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයන් 13 දෙනකු හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාව 718 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (04) උදෑසන වන විට කොරෝනා වෛරසය ආසාදනය වු 517 දෙනෙක් රජයේ රෝහල් 05ක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඊයේ(03) දිනය තුළ වාර්තා වු කොරෝනා අසාදිතයන් 13 දෙනාගෙන් 11 දෙනකු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව යුද හමුදාපතිවරයා පවසනවා.
මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වීමෙන් සුවය ලැබූ ගණන 184 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
