කොරෝනා ආසාදිතයින්ගේ ප්රතිකාර සඳහා යොදාගත හැකි ඖෂධයකට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය සිය හදිසි අනුමැතිය ලබාදී තිබේ.
ඉබෝලා වෛරසය සඳහා යොදා ගත් ඖෂධයක් වන මෙය තවදුරටත් වැඩි දියුණු කරමින් කොරෝනා වෛරසය සඳහා ප්රතිකාර කිරීමට යොදා ගත හැකිදැයි පරීක්ෂණ මට්ටමේදී අත්හදා බලා ඇත.
කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ දින 15 සිට 11 දක්වා අඩු කිරීමට එම ඖෂධයට හැකියාවක් පවතින බව පරීක්ෂණවලදී අනාවරණය විය.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කළේ, පළමු අදියර යටතේ අදාළ ඖෂධ කුප්පි මිලියන 1.5 ක් රෝගින්ගේ ප්රතිකාර සඳහා ලබාදී ඇති බවයි.
ඒ අනුව ලබන සඳුදා (04) සිට එම ඖෂධය අමෙරිකාව පුරා බෙදා හැරීමට සැළසුම් කර තිබේ.
