ත්‍රිකුණාමලය හබරණ මාර්ගයේ හබරණ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකා කඳවුරට අනුයුක්තව සේවයෙහි නියුතුව සිටි සෙබළෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර සඳහා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කොට ඇත.
පසුගිය දිනවල කොරෝනා රෝගීන් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානවල සේවය කොට ඇති එම සෙබළාට කොරෝනා රෝගී ලක්ෂණ මතුවීම නිසා ඉකුත් 21 වෙනිදා සිට නිරෝධායනයට ලක් කොට සිටි අවස්ථාවේ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙලෙස වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කොට ඇත.
පොලොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදිත වී තිබේ.
