මෙරටින් පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මාර්තු මස 11 වැනිදායින් පසුව වෛරසය පැතිර යෑමට හේතු වූ ‘පොකුරු’ 31ක් හඳුනාගත් බවත් ඉන් ‘පොකුරු’ 27ක් අකර්මණ්‍ය කර අවසන් බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ වන විට ඉතිරි ‘පොකුරු’ හතරෙන් 3ක් අකර්මන්‍ය වෙමින් පවතින බවත් දැනට සකී‍්‍රය තත්ත්වයේ පවතින්නේ එක් ‘පොකුරක්’ පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතරින් දහහතර දෙනකුම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
කොරෝනා වෛරසය පැතිරයෑම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේදී ඊයේ (30)වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම කරුණු සඳහන් කළේය.
කොළඹ ගුණසිංහපුර සහ නාගලගම්වීදිය ප්‍රදේශයන්හි කොරෝනා වෛරසය පැතිර ගොස් ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිසා බව මේ වන විට තහවුරු වී තිබෙන බව ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තම ප්‍රදේශ වෙත පැමිණියහොත් වහාම පොලිසියට හෝ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
නා`දුනන පුද්ගලයන්ට නවාතැන් දුනහොත් එසේ කරන අයට එරෙහිව නිරෝධායන නීති යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් රෝගය පැතිරයෑමේ පොකුරු නිර්මාණය වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව ද ඒ මහතා වැඩිදුරටත් ස`දහන් කළේය.
