ඩ්‍රෝන තාක්ෂණය මගින් ඖෂධ බෙදා හැරීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
කොවිඩ් – 19 වෛරසය ආසාදිතයන් බහුලව සොයා ගන්නා ප්‍රදේශ හුදකලා කිරීමෙන් පසු ඖෂධ බෙදා හැරීම සඳහා මෙම ක්‍රමවේදය භාවිත කිරීමට හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය රජයට යෝජනා කර ඇත.
ඒ අනුව එලෙස ඖෂධ බෙදා හැරීමට කැමැති ඩ්‍රෝන හිමියන් ලියාපදිංචි කිරීමට අධිකාරිය පියවර ගෙන ඇත. කොළඹ කෙසෙල්වත්ත සහ බණ්ඩාරනායක මාවත හුදකලා කිරීමත් සමග එක් සමාගමක් ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් ඖෂධ බෙදාහැර තිබේ.
මේ ආකාරයට ආහාර බෙදාහැරීමටද ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමටද සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවධානය යොමුවී තිබේ.