Gossip

කොවිඩ් රෝගීන්ගෙන් අයි.ඩී.එච්. රෝහල පිරි යයි, උපරිම මට්ටමට ලගා වෙලා

කොවිඩ් -19 වෛරසය ආසාදිත වූවන් ප්‍රතිකාර ලබන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කළ හැකි රෝගීන් ගණන උපරිමයට ළඟා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම රෝහලේ රෝගීන් එකසිය හතළිහක් ප්‍රතිකාර ලබයි. මීට වඩා රෝගීන් ඇතුළත් කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ සහ ඇඳන් කිසිවක් මෙම රෝහලේ නොමැත.

දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස අතරින් යම් පිරිසක් සුව අතට හැරී වෛරසය නොමැති බවට තහවුරු වනතෙක් රඳවා ගැනීමටද වෛද්‍යවරුන්ට සිදුව ඇත. නව රෝගීන් ඇතුළත් කර ගැනීමට නම් දැනට සුවය ලබා වාර්තා ලැබෙන තුරු සිටින රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ උපදෙස් ලබාදී ඇත. කෙසේ වෙතත් මෙතෙක් කොවිඩ් -19 වෛරසය අසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් ඇතුළත් කළ හෝමාගම මූලික රෝහල කොවිඩ් -19 ආසාදනය වූ රෝගීන් පමණක් ඇතුළත් කිරීම ඊයේ (29 වැනිදා) සිට ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි. මේ වනවිට නැගෙනහිර කොළඹ මූලික රෝහල, ඉරණවිල රෝහල, වැලිකන්ද මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, කාත්තන්කුඩි රෝහල සහ වැලිසර නාවික හමුදා රෝහලේ කොවිඩ් -19 වෛරස ආසාදිතයන් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. තවද රෝගීන් වැඩි වුවහොත් පමණක් ඇතුළත් කිරීමට රෝහල් අටක් සූදානම් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු ඇත. කොවිඩ් -19 වෛරසය පැතිර යාමත් සමග සැක සහිත රෝගීන් සහ ආසාදිතයන් ඇතුළත් කිරීම සඳහා රෝහල් තිස්දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් කරන ලදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!