කොරෝනා රෝගීන් පොකු පිටින් හමුවූ ජාඇල සුදුවැල්ල ගම්මානය මාසක පමණ කාලයක් අඛණ්ඩව වසා දමා තිබෙනවා.
එම ගම්මානය ඉදිරියටත් වසා දැමීමට තීරණය කර තිබෙන බව ජාඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලාධාරී අනුර අබේරත්න පවසා තිබෙනවා.
පසුගිය දින කිහිපයේදී ජා ඇල සුදුවැල්ල ගම්මානයෙන් පොකුරු ස්වභාවයෙන් කොරෝනා ආසාදිතයන් හමුවූ අතර ඔවුන් දිවයිනේ රෝහල් කිහිපයකම ප්‍රතිකාර ලබනවා.
එලෙස හමුවූ කොරෝනා රෝගීන් දිවයිනේ ස්ථාන කිහිපයකම සංචාරය කර පුද්ගලයන් ඇසුරු කර තිබූ නිසා එම ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා.
පසුගිය දින කිහිපයේදී සුදුවැල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමු නොවුණද කොරෝනා අනතුර සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති නිසා තවදුරටත් සුදුවැල්ල ගම්මානය වසා තබන බවයි මහජන සෞඛ්‍ය නිලධාරීවරයා පවසවන්නේ.
තවද මෙම ගම්මානය විවෘත කරන නිශ්චිත දිනයක් තවමත් පැවසිය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
