Gossip News

යුද හමුදා ජීප් රියේ ගැටී සැරයන් මරුට

නාරම්මල – කුලියාපිටිය මාර්ගයේ ගල්වංගුව අසලදී නාරම්මල පොලිස් ස්ථානයට අන්යුක්තව සේවයේ කළ පොලිස් සැරයන්වරයෙකු සේවය නිමකර යතුරුපැදියෙන් තම නිවෙස්කරා ගමන්කරන  අතරතුරදී යුද හමුදා ජීප්රථයක හැපීමෙන් මියගොස් ඇතිබව නාරම්මල පොලීසිය කියයි.

මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ මාපා මුදියන්සේලාගේ අබේසිරිමාපා නැමති (47) හැවිරිදි පිටපාර බෝගමුව බෝයගනේ ප‍්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි .

යුද හමුදා ජීප්රථය පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ සිට අලුත්ගම බලා ගමන්කරන අතරතුයරදී ඊයේ (27) රාත්‍රී මෙම අනතුර සිදුව ඇතිබවට පරීක්ෂණවලදී අනාවර්ණයවී ඇතිබවද සඳහන්වේ.

අනතුරටපත් යුද හමුදා ජීප්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති  .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!