Gossip

කොවිඩ් – 19 ට එරෙහි චීන එන්නතේ පළමු පියවර සාර්ථක වෙයි

කොවිඩ් – 19 වෛරසයට එරෙහිව චීනය අත්හදා බලමින් සිටින ප්‍රධානතම එන්නතේ පළමු සායනික අත්හදා බැලීමේ පියවර සාර්ථක බව එරට නිල පුවත් සේවය වන ෂිංහුවා (Xinhua) ප්‍රකාශ කරයි.

ඒ අනුව එම එන්නතේ සායනික අත්හදා බැලීමේ දෙවන පියවර පසුගිය සතියේ සිකුරාදා ආරම්භ කළ බව ෂිංහුවා වාර්තාව අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව චීන ජාතික ඖෂධ සමූහය (Sinopharm) යටතේ වූ වුහාන් ​ජෛව නිෂ්පාදන ආයතනය සහ චීන විද්‍යා ඇකඩමිය යටතේ වූහාන් වෛරස් විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද මෙම එන්නත පසුගිය අප්‍රේල් 12 වැනිදා සායනික අත්හදා බැලීම් සඳහා යොමු කරන ලදී.

අප්‍රේල් 23 වනවිට සිදුකරන ලද සායනික අත්හදා බැලීම් සඳහා කාණ්ඩ 3 කට අයත් පුද්ගලයන් 96 දෙනකු යොදාගෙන ඇත.

එන්නත මේ වනවිට යහපත් ප්‍රතිඵල ප්‍රදර්ශනය කරමින් සිටින බවත් එන්නත ලැබූවන් තවමත් පරීක්ෂණ මට්ටමේ සිටින බවත් ‘සිනොෆාම්’ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මෙම එන්නතෙහි සායනික අත්හදා බැලීම්වල පළමුවන, දෙවන අදියර දෙකම චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනය විසින් අනුමත කර ඇත.

‘සිනෝෆාම්’ පවසන්නේ එන්නත සායනික අත්හදා බැලීමේ තුන්වන අදියර දක්වාද යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!