දරුවන් දහතුනක් සිටින ස්කොට්ලන්තයේ විශාලතම පවුලේ පියා වන රෝයි හෑන් හට කොරෝනා රෝගය අසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුවෙන් තම දරුපවුල සමග නිවසට වී නිරෝධායනය වන්නට රෝයි හට සිදුව තිබෙනවා.
රෝයි ගේ බිරිඳ එමා හෑන් ය.මේ දිනවල ස්කොට්ලන්තය කොරෝනා හේතුවෙන් වසාදමා තිබෙන අතර සියලූ දෙනාම නිවසේ නිසා පසුගිය දිනවල ඔවුන් දැඩි සතුටින් ගත කළහ.
දරුවන් දහතුන් දෙනාගෙන දහයක්ම තවම ජීවත් වන්නේ ඔවුන් සමගය.රෝයි සහ එමගේ දරුවන් දහතුන් දෙනා අතාරි වැඩිමහල් දරුවා 28 හැවිරිදි වන අතර ලාබාලතමයාගේ වයස අවුරුදු පහක්.
මෙම පවුලට සතියකට කිරි පයින්ට් පනහක්, පාන් ගෙඩි 21 ක් හා විශාල ප්‍රමාණයේ ධාන්‍යමය ආහාර පෙට්ටි පහක් සතියකට වැයවේ.
වෘත්තියෙන් හෙද නිලධාරියකු වන රෝයි හට කොරෝනා අසාදනය වී ඇත්තේ ඔහු සේවය කරන රෝහලට ප්‍රතිකාර සඳහා එන කොරෝනා රෝගීන්ගෙනි.
රෝයි දියවැඩියා රෝගියකු වුවද යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරමින් සිටින අයෙකි.
