Gossip

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මිය යන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කරන්න “බොඩි බෑග්” 1000 ක් මෙරටට ගෙන්වන කතාවේ ඇත්ත මෙන්න

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මිය යන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරන ‘‘බොඩි බෑග්’’ (ශරීර උර) 1000ක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට ‘බොඩි බෑග්’ 1000ක් ලබා දීමට හැකි බව දැනුම් දී තිබුණි. එම දැනුම් දීම මත මෙම ඉල්ලීම් ලිපිය යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මාර්තු මස මුලදී ද බොඩි බෑග් 300ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත. කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මිය යන රෝගීන් බහාලීම සඳහා මෙම බොඩි බෑග් හෙවත් ශරීර උර භාවිතා කරයි.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!