අද (27) රට පුරා ඇඳිරි නීතිය ක්රියාත්මක වන බව ඊයේ ප්රකාශයට පත් කළා.
එම නිවේදනයේ දැක්වුණේ නිවාඩු ගොස් සිටින ත්රිවිධ හමුදා නිලධාරීන් යළි කඳවුර වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි අද දිවයින පුරා ඇඳිරි නීතිය ක්රියාත්මක කරන බවයි.
කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්රික්ක හැර සෙසු දිස්ත්රික්කවල ඇදිරි නීතිය හෙට (28) උදෑසන 5.00 ට ඉවත් කර එදිනම රාත්රී 8 ට ඇඳිරි නීතිය නැවත ක්රියාත්මක වනවා.
ප්රවාහන පහසුකම් සපයාගැනීමට අපහසු නිලධාරීන්ට ආසන්නතම කඳවුර වෙත වාර්තා කළ හැකි බවද යුද හමුදාපතිවරයා ප්රකාශ කළා.
