දිනක් තුල මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වූ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ (23) වාර්තා වුණා.
කොරෝනා ආසාදිතයන් 38 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ පොළොන්නරුව ප්‍රදේශයෙන් පෙරේදා (22) වාර්තා වු කොරෝනා ආසාදිත සෙබලා ඇතුළු 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ ආසාදිත සෙබලා සමග පැවැත්වූ සියළු දෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.
