අද දිනයේදී කොරෝනා රෝගීන් පස් දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 373 දක්වා ඉහළ ගියා.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට ඔවුන් පස් දෙනා සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන ඇති බවයි.
මෙම ආසාදිතයන් පස් දෙනාම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හදුනාගෙන තිබෙනවා.
ඉන් සිව් දෙනෙකු කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් වනවා.
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස 107 ක්.
