Gossip News

දුම්රිය ගමන් වාර ඇරැඹුවද ජනතාවගේ විශාල අඩුවක්

ඇඳිරි නීතිය අද අළුයම 5.00ට ඉවත් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් යළිත් දුම්රිය ධාවනය කිරීම ආරම්භ කළද මගී ජනතාවගේ විශාල අඩුවක් දක්නට හැකිවිය.

කොරෝනා  වයිරසය පැතිරයාම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාර අද සිට යළි ආරම්භ කරන ලදී. අද පෙරවරු 6.00ට බෙලිඅත්තේ සිට ඉඳුරුව දක්වා ධාවනය කිරීමට පමණක් දුම්රියක් යොදවා ඇති අතර මෙම දුම්රිය හෙට දිනයේද ඉඳුරුව දක්වා ගමන් කිරීමට නියමිතය.

සෑම දුම්රිය මැදිරියක් සඳහාම යුද හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබූ අතර දුම්රිය ගමන් කිරීම ආරම්භ කළද මගී ජනතාවගේ විශාල අඩුවක් දක්නට ලැබිණ.

අනීෂා මානගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!