කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
දෙවැනි වාරය සඳහා සියලු පාසල් යළි විවෘත කිරීම දැන් මැයි මස 11, සඳුදාට නියම කර ඇත.
පාසල් නොපවැත්වෙන කාලය තුළ හැකිසෑම විටම ශිෂ්‍ය ශිෂ්‍යාවනට දුරස්ථ අධ්‍යාපන පහසුකම් සැලසේ.
මේ අතර වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇතිඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.
මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ඇත.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ගගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍යද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ.
අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි අඛණ්ඩව සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.