අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ලගයන් 600 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පිරිස කොරෝනා වෛරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස මෙම අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කර ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
කොරෝනා වෛරසය පැතිර යාමෙන් මැද පෙරදිග කලාපයේ වැඩියෙන්ම පීඩාවට පත්වූ රට වන්නේ ඉරානයයි.
ඉරානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුදටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
රටට මේ වනවිට කොරෝනා ආසාදිතයන් 64,586 ක් ලෙස දැක්වෙන අතර මියගිය පිරිස 3993 ක්.
