කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (01) දින මියගිය පුද්ගලයා දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙලුනු අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 73 හැවිරිදි අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (01) දිනයේ තහවුරු වීමත් සමඟ අයි.ඩි.එච්.රෝහලට මාරු කෙරුණු ඔහු එම රෝහලට ඇතුළත් කරගන්නා අවස්ථාවේදී මියගොස් ඇති බව අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
මියගිය පුද්ගලයා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපනවීම ආදි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳි අයෙකු බවට අනාවරණය වී තිබේ
