අයි.ඩී.එච්. රෝහලේදී මියගිය කොරෝනා ආසාදිත රෝගියා මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ආවේ වෙනත් රෝගාබාධයක් ගැන කියමින්.කොහොම වුනත් අපේ රෝහල් කාර්ය මණ්ඩලය ඉතා බුද්ධිමත්ව කටයුතු කරපු නිසා එම රෝගියාට නිරාවරණය වුනේ නැහැ……’ යැයි එම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවැසීය.
කොරෝනා ආසාදිතව රෝහලට පැමිණි 72 හැවිරිදි මරදාන පදිංචිව සිටි පුද්ගලයකු මරුමුවට පත්වීම සම්බන්ධයෙන් අද(02 වැනිදා)උදේ ඒ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය.
මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.
“මේ රෝගියා ඊයේ(01 වැනිදා) දහවල් අපේ ජයවර්ධනපුර රෝහලට ආවේ වෙනත් රෝගයක් සදහා ප්‍රතිකාර ගන්න ආ බව කියමින්.නමුත් අපේ කාර්ය මණ්ඩලය ඉතා බුද්ධිමත්ව ඔහුව කෙලින්ම රෝහලේ ස්ථාපනය කරලා තියෙන විශේෂ නිරීක්ෂණ වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.මේ වෙලාවේ අපේ කාර්ය මණ්ඩලය විශේෂ ඇදුම් කට්ටලවලින් සැරසී ඉදගෙනයි ඒ කටයුතු සියල්ලක්ම කරලා තිබෙන්නේ.
මෙම රෝගියා මුස්ලිම් ජාතිකයෙක්.
පසුව ඔහුගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී පොසිටිව් වුනා.මේ නිසා අපි ඔහුව අංගොඩ අයි.ඩී.එච්.රෝහලට මාරුකර යවන්න පියවර ගත්තා.රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ ඔහු මියගොස් තිබෙනවා.අපේ කාර්ය මණ්ඩලය ඔහුට නිරාවරණය නොවී කටයුතු කිරීම නිසා ගැටලුවක් ඇතිවුණේ නැහැ.මේ පුද්ගලයා මරදානේ ඉදලා කෙලින්ම මේ රෝහලට ආවේ ඇයි කියලා දන්නේ නැහැ.කොහොම වුනත් අපේ රෝහල් කාර්ය මණ්ඩලය මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මගේ ස්තුතිය පුදකරනවා.කොහොම වුනත් රට තුල මේ පවතින තත්වය හමුවේ මොනම රෝහලකට ගියත් රෝගීන් ඇත්ත කියන එක වටිනවා.
