කොවිඩ් 19 ආසාදිත තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රාත්‍රීයේ එම පුද්ගලයා මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මරදාන ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෙරට සිදුවු කොවිඩ් 19 නව කොරෝනා මරණ සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් රෝගීන් තිදෙනකු මරදාන, කුරුණෑගල සහ යාපනය ප්‍රදේශවලින් ඊයේ (01) හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා.
ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නේ 146 ලෙසින්.
මාර්තු මස එකලොස්වෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිත වූ රෝගීන් 146 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 21ක්.
ඒ අතරින් රෝගීන් දස දෙනෙකුම පුත්තලම සහිරා විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වුණා.
ඉන් 08දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් දෙදෙනා කාන්තාවන්.
මේ අතර ඊයේ රාත්‍රියේ මොවුන් පිරිස යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ මුල්ලේරියාව මූලික රෝහලට රැගෙන ආවේය.
ඔවුන්ට ආරක්ෂාව සැපයූ හමුදා සාමාජිකයින් වෛරස් ආරක්ෂිත ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයක්.
මොවුන් පිරිස ඇතුළු පුත්තලම කඩුමයාන්කුලම් ගම්මානයේ සිටි පවුල් 20ක පුද්ගලයින් 69 දෙනෙකු පසුගිය 29වනදා නිරෝධායනය සඳහා පුත්තලම සහිරා විද්‍යාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමුකර තිබෙනවා.
ඒ කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ පුද්ගලයෙකු එම ප්‍රදේශයෙන් හමුවීමත් සමඟයි.
ඔහු මලයාසියාවේ දේව මෙහෙයකට ද සහභාගී වි පැමිණි අයෙක්.
අදාල පුද්ගලයා පුත්තලම නගරයේ පිහිටි දේවස්ථාන තුනකට ද ගොස් ඇති අතර ඔහු ගුරුවරයෙකු බව වාර්තා වනවා.
මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ නව ආසාදිතයින් 06 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ද, තිදෙනෙක් මහනුවර දිස්ත්‍රික්කයෙන්, දෙදෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ගත වූ පැය 24 තුළදී වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අංශ පවසන්නේ, කොවිඩ් නයින්ටීන් රෝගීන් හමුවූ බේරුවල පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශව පවුල් 51ක සාමජිකයින් නිරෝධායනය සඳහා අද කන්දකාඩු මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි.
ඒ කොවිඩ් නයින්ටීන් රෝගය අසාදනය වූ පිරිස් මෙම පවුල්වල සාමාජිකයින් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වීමෙන් දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 126ක්.
