කොවිඩ් – 19 නිසා කෝප වූ ස්වාමිපුරුෂයකු ඔහුගේ භාර්යාව මරණයට පත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබීමේ සිදුවීමක් බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම චෝදනාව එල්ල වී ඇත්තේ ඇන්තනි විලියම්ස් නමැති 67 හැවිරිදි විශ්රාමිකයකුටයි. ඔහු තම බිරිය සමඟ ස්වයං නිරෝධායනයේ පසු වන අතර දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.
රූත් නමැති 62 හැවිරිදි ඔහුගේ බිරිය සිහිසුන්ව සිටියදී රෝහල්ගත කරන ලද නමුත් පසුව මියගිය බව සදහන්.
