Gossip News

සෑම විනාඩියකදීම ඉතාලියේ කොරෝනා රෝගීයෙක් මිය යනවා

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින් 10,023 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 30,879 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ලොව පුරා වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 663,740 දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

එම සංඛ්‍යාව 123,750ක්.

ඇමෙරිකාව තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 2,227ක් බව එරට මාධ්‍ය වාර්තා සදහන් කළේය.

ඉතාලියට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්ත වන ස්පාඤ්ඤයේ මේ වන විට සිදුවූ ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 5,982ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!