Gossip

කොරෝනා ඉතාලිය වසා ගනි, දිනකට මරණ 427 ඉක්මවයි

ගෝලීය වසන්ගත තත්වයක් බවට පත්ව ඇති නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛසරයෙන් ඉතාලියේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 3405 ක් දක්වා වැඩි වී තිඛේ.

විදෙස් වාර්තා පැවසුවේ ඊයේ දිනයේ පමණක් ඉතාලියේ මරණ 427 ක් සිදුව ඇති බවයි.

කොරෝනා වෛරසයේ තිබිරි ගෙන ලෙස සැලකෙන චීනයේ ඊයේ දිනය වන විට වාර්තා වී තිබු පුද්ගල මරණ සංඛ්‍යාව 3245 ක් ලෙස සටහන් වුණා.

මේ අනුව චීනයට වඩා කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

කොරෝනා වෛරසය මේ වන විට රටවල් 170 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇති අතර යුරෝපයට ඉන් දැඩි බලපෑමක් එල්ල වී තිඛේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!