කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් දිවයිනට මගීන් ඇතුළත් කරගැනීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයකට අත්හිටුවිමට තිරණය කෙරුණා.
කෙසේවෙතත් සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන්යානා දිගටම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙන අතර කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැලසුම් කර ඇති පරිදිම ක්‍රියාත්මක කෙරෙනවා.
නමුත් දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නවදිල්ලිය වෙත පිටත් කර තිබුණි.
ඒ අනුව අද අළුයම 03.40ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට එම ගුවන් යානයෙන් වන්දනාකරුවන් දිවයිනට පැමිණියේය.
මෙම පිරිස් නිරෝධායනය මධ්‍යස්තාන යොමු කිරීමට ඊයේ තිරණය කර තිබුණද දඹදිව වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණි පිරිස කිසිඳු නිරෝධායන කටයුත්කට භාජනය නොකර නිවෙස් කරා යොමුකර තිබුණි.
