Gossip

“බිරිඳ අනියම් පෙම්වතා හා ඔහුගේ මිතුරෙක් සමග එක්ව වස පොවා සැමියා මරලා.” කොරෝනා අස්සේ බිරිඳගේ අනියම් පෙම්වතා පොලිසියට වමාරපු කතාව

සිය අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරකු සමග එක් වී යුද හමුදා නිලධාරියකු වූ තම විවාහක සැමියාට බලහත්කාරයෙන් වස පොවා ඝාතනය කර නීතියෙන් ගැලවී සිටි කාන්තාවක් බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටදෙණියාව නයිංගල කිතුල්වල ප‍්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සෙබළකු වන ඉලංගකෝන් පතිරණලාගේ නිලංග සම්පත් නමැති අයකු මෙලෙස ඝාතනයට ලක්වී තිබුණා.
පසුගිය 2019 වසරේ දෙසැම්බර් මස 23 වැනිදා රාත‍්‍රි සිදුකර ඇති මෙම මිනිස් ඝාතනය සැලසුම්සහගතව සිදුකර ඇති මෙම කාන්තාව සිය අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරකු ලවා විවාහක සැමියාට බලහත්කාරයෙන් වස පෙවීමට පෙර ඔහු සිය කැමැත්තෙන් වස පානය කර සියදිවි හානිකර ගන්නා බවට ලිපියක් ද ලියවාගෙන ඇත.
මෙම මරණය සම්බන්ධව මියගිය යුද හමුදා නිලධාරියාගේ පාර්ශ්වයේ පිරිසක් විසින් බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසය වෙත යොමුකරන ලද විස්තරාත්මක ලිපියක සඳහන් වූ තොරතුරු ඔස්සේ යමින් එම අංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණයකින් පසුව මාස තුනකට ආසන්න කාලයක් තුළදී මෙම සාහසික මිනිස් ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2019.12.24 වැනිදා මෙම කාන්තාව කොටදෙණියාව පොලිසියට ගොස් සිය සැමියා 23 වැනිදා රාත‍්‍රියේ නිවසේ සිටි බවත් 24 වැනිදා සිට නිවසේ නොමැති බවත් තම සැමියා කැසිනෝ සූදුවට ඇබ්බැහිවීම නිසා ණය බරින් පීඩා විඳිමින් ප‍්‍රශ්න මැද සිටි අයකු බවත් සඳහන් කරමින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පසුගිය 15 වැනිදා සැමියා තමාට පහරදීම නිසා තමා දරුවන් සැමියා ළඟ දමා ගලේවෙල ප‍්‍රදේශයේ තමන්ගේ ගමට ගිය බවත් නැවත 23 වැනිදා නිවසට පැමිණි බවත් ඒ අවස්ථාවේදී සැමියා තමන්ට පහරදී අඬදබර කළ බවත් රාත‍්‍රි නිවසේ සිටි සැමියා පහුවදා නිවසේ නොමැති බවත් ඇය පොලිසියට පැමිණිලි කර ඇත.
24 වැනිදා දිවුලපිටිය පොලිස් වසමට අයත් ප‍්‍රදේශයක වතුර වළක වැටී මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් දිවුලපිටිය පොලිසියට හමු වී ඇති අතර පොලිසිය එම මළ සිරුර මීගමුව මහරෝහලේ මෘත ශරීරාගාරයට යවා පසුව සැමියාගේ අතුරුදන් වීම සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇති බවත් මීගමුව රෝහලට ගොස් එය හඳුනාගැනීමට සහාය වන ලෙසත් දන්වා ඇත.
මීගමුව මහරෝහලේ මෘත ශරීරාගාරයට ගිය කාන්තාව එය සිය සැමියාගේ බවත් ඔහු නිවසින් යෑමට පෙර ලියූ ලිපියක් ද නිවසේ තිබී හමුවූ බවත් මෙම මරණය පිළිබඳව තමාට සැකයක් නොමැති බවත් පොලිසියට අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව විවාහක බිරිඳට සැමියාගේ මෘත දේහය 2019.12.26 වැනිදා භාරදී තිබෙනවා.
27 වැනිදා කිතුල්වල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකර තිබෙනවා.
ඉන් පසුව පොලිසිය වෙත බිරිඳගේ නොමනා ක‍්‍රියා කලාපය සහ ඇගේ අනියම් ඇසුරත් මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් නොවන බවට සැක බැවින් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මියගිය අයගේ ඥාතීන් විසින් පොලිසියට ලිපියක් එවීමෙන් පසු යළිත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. පියසිරි මහතාට ලද තොරතුරක් මත ඉහත සඳහන් කාන්තාවගේ අනියම් පෙම්වතා බව කියන කිතුල්වල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන තරුණයා 15 වැනිදා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී ඔහු මෙම මිනිස් ඝාතනය සිදු කළ අයුරු සියල්ල විස්තර කර තිබෙනවා.
තම පෙම්වතියගේ උපදෙස් පරිදි තමා ඇගේ නිවසට ගොස් තමාගේම ත‍්‍රිරෝද රථයෙන් මියගිය හමුදා නිලධාරියා දිවුලපිටිය ප‍්‍රදේශයේ ඔවුන් නැවතී සිටි නවාතැන්පළ වෙත කැටුව ආ බවත් එසේ රැගෙන ආවේ මා එක්ක ඔයාගේ බිරිඳ අනියම් ඇසුරක් නෑ. එන්න යන්න ඔයාගේ පවුල වෙනත් අයෙක් එක්ක ඉන්න හෝටලය පෙන්වන්න කියා දරුවන් දෙන්නා ද සමගම හෝටලය වෙත
රැගෙන ගිය බව පවසනවා.
පසුව ඔහුට පහරදී ඔහු ලවා ලිපියක් ලියා ගත් බවත් කාන්තාව දරුවන් දෙන්නා රැුගෙන යාබද කාමරයට ගිය පසු මිතුරා ද සමග එක් වී බලහත්කාරයෙන් හමුදා නිලධාරියාට වස පොවා පසුව තමාගේ ත‍්‍රිරෝද රථයෙන්ම මළ සිරුර දිවුලපිටිය ප‍්‍රදේශය වෙත රැුගෙනැවිත් අතරමඟදී හමුවූ වතුර වළකට විසි කොට දැමූ බවත් තරුණයා පොලිසියට පාපොච්චාරණය කර ඇත. තරුණයාගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලින් පසුව කාන්තාව ද අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය ඇගෙන් ද ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව දෙදෙනාම මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම මිනිස් ඝාතනය සිදුකිරීමට සහාය දුන් මහනුවර ප‍්‍රදේශයේ පදිංචි සැකකාර අනියම් පෙම්වතාගේ මිතුරකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මෙලෙස ඝාතනයට ලක්වූ ඉලංගකෝන් පතිරණලාගේ නිලංග පේ‍්‍රම් සම්පත් නමැති හමුදා සෙබළා විවාහක දෙදරු පියෙක් වන අතර අවසන් වරට ත‍්‍රිකුණාමලයේ හමුදා කඳවුරක සේවය කර ඇත. ඔහුට 2020 වසරේදී කොළඹ ප‍්‍රදේශයට ස්ථාන මාරුවක් ලැබී තිබී ඇත. කෙසේ නමුත් ඔහු තදින්ම කැසිනෝ සූදුවට ඇබ්බැහි වූ අයකු බව ද මෙම පවුලේ නිරතුරුවම අඬදබර තිබී ඇති බව ද පොලිසියට කරුණු වාර්තා වී ඇත.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!