පුත්තලමේ යම් කලාප ගැන ඉදිරියේදී විශේෂ පියවරක් ගැනීමට සිදුවිය හැකි බව කොරෝනා මර්දන කාර්ය සාධක මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලූතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.
හමුදාපතිවරයා මේ කරුණු ප්‍රකාශ කළේ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හමුදාපතිවරයා…
කොරෝනා කාර්ය සාධක බළකායක් ජනවාරි 26 පිහිටෙව්වා. ජනවාරි 27 චීන කාන්තාවකට කොරෝනා ආසාධනය වුණා. පසුව අපි වූහාන්වල සිටි ශ්‍රී ලාංකිකයන් ගෙනාවා. දෙවැනි අදියර ආරම්භ වූයේ මාර්තු 10 යි. ඉරානය, ඉතාලිය, දකුණු කොරියාවෙන් එන අය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන 02 ක් ආරම්භ කළා. අද මධ්‍යස්ථාන 16 ක 2258 ක් නිරෝධායනය වෙනවා. මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කළේ සියලූ කටයුතු සම්බන්ධීකරණය කරන්නයි. මාර්තු 01 සිට 09 දක්වා ආපු අය නිරෝධායනය වුණේ නැහැ. මේ අයට ස්වයං නිරෝධායනයට ලක්වෙන්න කියලා දැනුම් දුන්නා. සමහර අය මේ උපදෙස් ක්‍රියාත්මක කර නැහැ. 1500 – 2000 ක පිරිසක් නිරෝධායනය වෙලා නැහැ. මේ අයගෙන් 800 ක් ඉන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ. ඒ අය නිසි උපදෙස් පිළි නොපැද්දොත් ඒ ප්‍රදේශය වෙනුවෙන් විශේෂ පියවරක් ගන්න වෙයි. දඹදිව වන්දනාවේ ගොස් සිටින අය නැවත ගෙන්වා ගන්නත් කටයුතු කරනවා. අද මධ්‍යම රාත්‍රි 12 න් පස්සෙ කිසිවකුට ලංකාවට ගුවන්තොටුපළින් ඇතුළුවෙන්න බැහැ.
සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,
මේ වනවිට කොරෝනා රෝගීන් 34 ක් වාර්තා වෙලා තියෙනවා. පොලොන්නරුව වැලිකන්ද මූලික රෝහලේත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනවා. මුලින් රෝහල් 18 ක් නම් කරලා තිබුණා. අදාළ රටවලින් පැමිණි පිරිස් සෞඛ්‍ය අංශ උපදෙස් අනුව නිවෙස්වල සිටම නිරෝධායන වෙන්න ඕනෑ. සමහර රෝගීන්ගේ හැසිරීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. එදා ඉතාලියෙන් ආපු පිරිසගේ හැසිරීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතාලි පිරිස කලහකාරී වුණ නිසා යුද හමුදාවේ කෙනෙකුටත් රෝගය වැළඳිලා තියෙනවා. ඒ අනුව සියලූ දෙනා ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා,
ඊයේ දිනයේ රෝගීන් 06 ක් හමුවෙලා ඉන්නවා. එක් අයෙක් මීට පෙර හමුවූ ටුවර් ගයිඞ්ගේ බිරිඳ. ජර්මනියෙන්, බ්‍රිතාන්‍ය යෙන්, ආපු කෙනෙක්. තව මාරවිල හා කැලණියේ දෙදෙනෙක්. පුත්තලම ප්‍රදේශයේ තමයි ඉතාලියෙන් ආපු වැඩිම පිරිස ඉන්නේ. ඇතැම් අය නිවෙස්වල නිරෝධායන වෙලා නැහැ. දැන් නම් නිසි පරිදි නිරෝධායනය වෙනවා. මේ සඳහා පොලිසියේ මෙන්ම යුද හමුදාවේ අයත් කැපවෙලයි ඉන්නෙ. නිරෝධායනය හරියට කරන්නේ නැතිනම් අපට මේ අයව නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන ගොස් දමන්න වෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,
මාර්තු 01 වැනිදා සිට 15 දා දක්වා මෙරටට පැමිණි 548 දෙනෙක් පොලිසියේ ලියාපදිංචි වෙලා තියෙනවා. එය වැදගත්. කිසිවකුට පොලිසියට ගිහිල්ලා ලියාපදිංචි විය යුතු නැහැ. දුරකථනයෙන් දැනුම් දුන්නොත් ඇති. නිරෝධායනය වන සෑම තැනකටම අපි බුද්ධි නිලධාරීන් යොදවනවා. විවාහ උත්සවයක් තියනකොට කුඩා පිරිසක් සහභාගි කර ගන්න. අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න.
