කොරෝනා වෛරසය නිසා මේ වෙද්දි ලෝකයක්ම අසරණ වෙලා තියෙනවා.
හිතුවේ නැති විදිහට අපේ රටෙත් දැන් කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවෙමින් තිබෙනවා.
හුගක් මිනිස්සු හැංගෙද්දි අපේ රටේ යුද හමුදා විරුවන් නිරෝධාන මධ්‍යස්ථානවල අසීමිත සේවයක් කරනවා.
ඒ වගේම වෛද්‍යවරු සහ හෙද නිලධාරීනුත් කරන්නේ අපමණ සේවයක්.
ඒත් සමහර මිනිස්සු ඒ කැපකරුවන්ගේ සිත් බිදිමින් සිටිනවා.
මහනුවර රෝහලේ හෙද නිලධාරියෙකු වන රවී බණ්ඩාර මහතා ලියූ සංවේදී සටහනක් ගැන මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මේ එම සටහනයි….
ඔව් මං මහනුවර COVID19 Suspected රෝගීන් සිටින වාට්ටුවේ සේවය කරන Nursing Officer කෙනෙක් බව සැබෑවකි.. වෙනදා පොටෝ එකක් ගහලා FB දාන්නෙ බොහොම සතුටින්.. නමුත් අද මේක දාන්න සිදුවුනේ කලකිරීමක්, දුකක්, වේදනාවක් හිත ඇතුලින් කකියමින්… අභිමානවත් හෙද වරයෙක් වශයෙන් අපිට ලැබෙන ඕනාම ස්තානයක රෝගී සාත්තුව අපිට හැකි උපරිම කැපවීමෙන්ම අවංකව ඉටුකිරීමට අපි බැදී සිටින්නෙමු.. මගේම වෘත්තියේ ඇතමුන් අපිව හෑල්ලුවකට ලක් කර, කොන් කිරීමට තැත් කිරීම ගැන බොහොම කණගාටුයි.. අපි ward එකේ Patient care කරන බව සැබෑවකි.. නමුත් මේ මා ඇදගෙන ඉන්න ආරක්ෂිත ඇදුම් කට්ටලය, මුහුණු ආවරණ රහිතව අපි කිසිම වෙලාවක රෝගීන් සිටින පරිශ්‍රයට ඇතුලු වී නැත..මොනයම් හදිසි තත්වයකදී වූවද ඇතුලු වෙන්නෙත් නැත.. අපේ ආරක්ෂාවට මුල් තැන දෙමින් රෝගීන් සමග ඉතාමත්ම අවම සම්බන්දතා පවත්වාගෙන යමිනුයි මගේ වාට්ටුවේ සියලු Staff එක සේවය කරන්නේ… බයවෙන්න එපා COVID19 රෝගය ආසාදනය වුනත් අපි එලියට එන්නෙ නෑ.. සමාජෙට බෝ කරන්නෙ නෑ.. මේ මගේ වාට්ටුවෙම ඇදකට වෙලා මැරෙනවනම් මැරෙන්න හරි හොදවෙන්න හරි ඉන්නවා.. සමාජෙට පිළිලයක් වෙන්නෙ නෑ… අනේ කරුණාකර කොරෝණා වාට්ටුවේ අය කියා අපිව හංවඩු නොගසන්න.. මිනීමරුවෙක්, කුඩු කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, අපරාදකාරයෙක් විදියට අපිව බලන්න එපා.. අපි කාටවත් වැරද්දක් කරලා නෑ…. අපිට ලෙඩ නෑ.. වාට්ටුවේ උපරිම අයුරින් අපි අපේ ආරක්ෂාව සපයා ගන්නෙමු.. අපේ සේවා මුරය අවසන් වූ පසු සම්පුර්ණයෙන් ම ස්නානය කර පිරිසිදු වී වාට්ටුවෙන් පිටව යන්නෙමු… ප්‍රිය නෑදෑයිනි, මිතුරු මිතුරියනේ, මගේම සහෝදර හෙද හෙදියනි, අපිව කොරෝනා වාට්ටුවෙ අය කියලා හංවඩු නොගසන්න.. වෙනදා මෙන් බයක් නොමැතිව අප හා සම්බන්දවන්න.. ඔබලාගේ ක්‍රියා කලාපයමයි අපිව ශක්තිමත්ව තබන්නෙ.. සිතේ බොහොම කලකිරීමක් දුකක් ඇත… සේවාව එපා නොකරවන මෙන් කාරුණිකව ආයාචනාවෙන් ඉල්ලා සිටිමි…මහනුවර ජාතික රෝහලේ Ward no 36 Staff එක වෙනුවෙන් රවී බණ්ඩාර… Nursing Officer..🛡🛡🛡