ලෝක වෙළඳපලේ රන් මිල පහත වැටී තිබෙනවා.
සිකුරාදා දිනයේ පමණක් සියයට 4.5 කින් රන් මිල පහත වැටී ඇති අතර ගතවූ සතියේ ්වාර්තා වුණේ 1983 න් පසු විශාලතම මිල අපගමනයයි.
කොරෝනා වෛරසය හේතුවෙන් අනෙකුත් වෙළඳපලවලට ඇතිවූ බලපෑම නිසා ආයෝජකයන් රන් විකිණීමට පෙළඹීම මෙලෙස රන් මිල පහත වැටීමට හේතුවක් ලෙස සැලකෙනවා.
රන් අවුන්සයක මිල මේ වනවිට පවතින්නේ ඇමරිකානු ඩොලර් 1548 ක් ලෙස සාපේක්ෂව ඉහළ මට්ටමකයි.