මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවික්ෂයට පත්වීම කිසිදු ආකාරයක ජාතිවාදී ක්‍රියාවක් නොවන බව බස්නාහිර අපරාධ බුද්ධි හා ප්‍රජා දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්.දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ඊයේ(09) රාත්‍රී 9.30ට පමණ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් එම හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් එයට විරුද්ධව ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.
තරුණයින් පිරිසක් හා මෙම වෙළඳ සැලේ සේවකයින් ඉතා අමානුෂික ආකාරයෙන් පහර එල්ල කරන ආකාරය එහි වු CCTV කැමරාවේ පටිගත වී තිබුණා.
පහර කෑමට ලක්වු හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් සේවකයෙක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු ගනේවැල්පොල, කැකිරාව ලිපිනයේ පදිංචිකරුවෙක්.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
එම වීඩියෝව පහතින්…