උසේන් බෝල්ට්ගේ මීටර් 100 වාර්තාව අභිබවා යා හැකි වේගයකින් සිය මී හරකුන් යුවළ කුඹුරක් ඔස්සේ ධාවනය සිරිනිවාස් ගොව්දා, ඔලිම්පික් තරඟ පෙරහුරුවකට කළ ඇරයුම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සිරිනිවාස් කර්ණාටක ප්‍රාන්තයේ ජීවිත් වන අතර ඔහු පසුගිය දා කම්බාලා සැණකෙලියේදී මීටර් 142.5ක් වූ ධාවන ඉසව්ව තත්ත්පර 13.62කින් නිමා කර තිබුණා.
එය මීටර් 100ක දුරක් තත්ත්පර 9.55කින් අවසන් කළ සේ සැලකිය හැකියි.
උසේන් බෝල්ට්ගේ මීටර් 100 වාර්තාව වන්නේ තත්ත්පර 9.58 ක් ලෙසයි.
සිරිනාවාස්ගේ මේ හැකියාව නිසා ධාවන පථයේ පෙරහුරුවක් සඳහා පැමිණෙන ලෙස එරට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආරාධනයක් කර තිබුණා.
නමුත් එම ආරාධනය සිරිනාවාස් විසින් ප්‍රතික්සේප කර තිබුණේ මළල ක්‍රීඩා පිටියේදී මෙන් නොව කම්බාලා සැණකෙලියේ ධාවනය පූජනීය සහ සුවිශේෂී වන බව පවසමින්.
