පසුගිය කාලයේ ‘පේෂල – පූර්ණිකා’ ගැන විවිධ කටකතා මැවුණා.
නමුත්, ඒ කිසි දේකට විවෘතව දෙදෙනාගෙන් කිසිවකු පිළිතුරු දුන්නේ නැහැ. පසුගිය 31 සිදුවූ හදිසි විවාහය, නැවතත් ඔවුන් පිළිබඳ කතා කරන්න හේතුවක් වුණා.
පේෂල හා පූර්ණිකාගේ ආදර කතාව වගේම විවාහයත් වෙනස් ම ආකාරයට සිදු වුණා.
නව දිවියකට මුල පිරූ මේ දෙපළ ඒ ගැන කිව්වේ මෙහෙම දෙයක්.
“ගොසිප් එකකින් කෙනකුගේ ජීවිතය වෙනස් කරන්න බැහැ. හිතට එකඟව යමක් කරනවා නම්, ඔය දේවල් අදාළ නැහැ…” පේෂල එහෙම කියනකොට පූර්ණිකාත් එයට එකඟ වුණා.
පේෂල ‘ගොසිප්’වලින් හංගපු ආදර කතාව විවාහයෙන් කෙළවර වුණා.
මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. ගොසිප්වලට කලබල විය යුතු නෑ. සිද්ධ විය යුතු දේ සිද්ධ වෙනවා.
ඔබ දෙපළගේ ආදර කතාව පසුගිය කාලේ ගොසිප් ලෝකේ ආන්දෝලනාත්මක පුවතක් වුණා?
පේෂල – ඒ දේවල් නිවැරදි කරන්න අපට අවශ්‍ය වුණේ නැහැ. ඒ පුවත යම්කිසි Post එකක් ඔස්සේ යූ ටියුබ් හරහා නිර්මාණය කෙරුණ දෙයක්. ‘ගොසිප්’ නිසා සමහර අයගේ යූ ටියුබ් චැනල් එකට හොඳයි.
එයාලට අපේ Value එකක් ඇති. එහෙම හරි ඔවුන්ගේ යූ ටියුබ් චැනල් එකේ වීවර්ස්ලා වැඩි වුණා නම් ඒකම ලොකු පිනක් නේ..
පූර්ණිකා –
ඇත්තටම කාලයට ඉඩ දුන්නා. ඒ වගේම අපේ පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් අපට තිබුණේ නැහැ බාහිර ප්‍රශ්න ඇතිවෙයි සහ කෙරෙන – නොකෙරණ දේ නිසා කාලයට ඉඩදීලා නිහඬන හිටියා
මේ විවාහය ඉතාමත් ම කෙටි කාලයකදී සිද්ධ වූ දෙයක්ලු නේද?
හරියටම දවස් 7 ක් ඇතුළත සිද්ධ වුණේ. අගෝස්තු වෙනකල් නැකැත් තිබුණේ නැහැ.
ඉතින් මවුපියන්ගේ ආශිර්වාදය සහ අනුදැනුම් ඇතිව, මේ විදියට සිද්ධ වුණා.
විවාහය සම්ප්‍රදායෙන් බැහැරයි වගේ?
පේෂල- “මම රැල්ලට වැඩ කරන කෙනෙක් නෙමේ. හැමදේම වෙනස්ව හිතන කෙනෙක්.
අනිත් කාරණාව තමයි, නිදහස කියන දෙය ගොඩක් අගය කරන කෙනෙක්. ඉතින්, බොරු දේවල්වලට කාලය යොදවන්නේ නැතිව, ඉතාම සරල විදියට විවාහ උත්සවය ගත්තා. ඉදිරියේදී පුංචියට හෝ සංග්‍රහයක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
විවාහය කෙටි කලෙකින් වුණාට ආදර කතාව නම් ටිකක් පරණයි?
පේෂල – අපේ ආදරයට අවුරුදු 3ක් විතර. ඇය මගේ නිදහස තේරුම් ගත්තා වගේ ම ජීවත් වෙන්න පුළුවනි කියන තීරණය මත මම පූර්ණිකාව තෝරාගත්තා.
පූර්ණිකා – “කාලයක් අපි හොඳ යහළුවෝ්. කලකදී මට හිතුණා පේෂල මට ගැළපෙනවා කියලා. තීරණ ගැනීමේදී ඉක්මන් තීරණවලින් වැළැකී සිටීමට උත්සාහ ගත්තා. කාලයත් සමඟ ඒ වෙනස සිද්ධ වුණා.
විනෝදකාමී පේෂල නිහඬ පූර්ණිකාට ගැළපුණේ කොහොමද?
පූර්ණිකා – ඇත්තටම බාහිරව දකින පේෂල නෙමෙයි ඇතුළේ ඉන්නේ. ඔහු රැකියාවට අදාළව ප්‍රේක්ෂකයා සතුටු කළාට මම දන්න පේෂල ඉතාම වගකීමක් ඇති බුද්ධිමත්
ආදරණීය චරිතයක්. මගේ අදහස්වලට හොඳට ගැළපුණා වගේ ම අපි අතර හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් තිබුණා.
ආදිත්‍ය පුතාගේ අනාගතය කොහොම වෙයිද?”
පේෂල – ආදිත්‍ය පුතා ඉතා ආදරණීය දරුවෙක්, මාත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා.
මගෙ ම දරුවෝ ඉන්න ඕන කියලා විශේෂයක් නැහැ. මම දන්න සියල්ලම උගන්වා, පුතාගේ කැමැත්ත මත මේ රටේ හොඳ පුරවැසියෙක් කිරීමයි අපේ බලාපොරොත්තුව.”
පූර්ණිකා – “ආදිත්‍ය පුතා, කලින් හිටියා වගේ ම නිදහසේ ඉන්නවා. නැවත විවාහය, එයාට කිසිම බලපෑමක් නැහැ.
පේෂලට ආදිත්‍ය ගැන ලොකු ආදරයක් තියෙනවා. එයා සෑම දරුවකුටම එක හා සමානව ආදරෙයි. සමහර අවස්ථාවලදී මට වඩා පුතා ගැන උනන්දුවෙන් හොයලා බලනවා.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත
