බදු එකතු කරන්නන්ට විරෝධය පා පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ පකිස්ථානයේ මුල්තාන් ප්රදේශයෙන්.
මෙම පුද්ගලයා ගිනි තබාගෙන මහ පාරේ ඇවිදගෙන යන ආකාරය ද දක්නට ලැබෙනවා.
ගිනි තබා ගත් පුද්ගලයා බේරාගැනීම සඳහා සෙස්සන් පැමිණෙන විට ඔහුගේ සිරුරෙන් වැඩි ප්රමාණයක් පිළිස්සී තිබෙනවා.
වයස අවුරුදු 24ක පමණ තරුණයෙක් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති අතර රෝහල් බලධාරීන් පවසන්නේ සිරුරෙන් සියයට 80ක් පමණ පිළිස්සී ඇති බවයි.
