උපත ලබා පැය තිහක් ගත වූ ළදරුවෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර, මෙතෙක් වාර්තා වූ ලාබාලතම කොරෝනාවෛරස් රෝගීයා බව චීන මාධ්‍ය වාර්තා කරනවා.
වෛරසය පැතිරීම ආරම්භ වූ වූහාන් ප්‍රදේශයේ දී මෙම දරුවා උපත ලැබීය.
දරුවා බිහි කිරීමට පෙර මවට කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු විය. නමුත් රෝගය සම්ප්‍රේෂණය වූයේ ගර්භාෂයේ ද නැතහොත් උපතින් පසු ද යන්න පැහැදිලි නැත.
වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් 636 සහ ආසාදිතයන් 31,161 අතර ළමුන් දක්නට ලැබෙන්නේ අතළොස්සක් පමණි.
උපතේ දී කිලෝග්‍රෑම් 3.25 ක් බරැති දරුවා මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන අතර නිරන්තරයෙන් නිරීක්ෂණය යටතේ පසු වේ.
BBC.
