වෛද්‍යවරුන්, හෙද හෙදියන් තමාට හොඳින් ප්‍රතිකාර කළ නිසා තමා හොඳ සතුටින් ජීවත්වෙන බව ‘‘කොරෝනා’’ වෛරසයෙන් ජීවිතය ගලවා ගත් චීන ජාතික කාන්තාව ලැමි යෑමි (42*) මහත්මිය අයි. ඞී. එච්. උණ රෝහලේ වෛද්‍යවරු හමුවේ පැවසුවා.
මෙම වෛරසයෙන් ජීවිත ගොඩගැනීම සඳහා වෛරසය පැතිර යෑමට ඉඩනොදී මෙම වෛද්යවරුන්ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදීමට පත්වී සිටින බව කී ඇය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ උනන්දුව උත්සාහය මෙන්ම කඩිසරකම නිසා කොරෝනා වසංගතය පැතිරී යාමට ඉඩ නොදීම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවටද ස්තුති කරන බව කී ඇය තමා චීනයට ගිය දවසක එම රටටද ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දෙන බවද කීවාය.
ඇය චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පදිංචිකාරියකි. ශ්‍රී ලංකාව සුන්දර රටක් වශයෙන් සලකන බවද ඇය වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත.
නෝමන් පලිහවඩන.
