සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස 356 ක් බස්නාහිර පළාතේ ස්ථාපිත කර තිබෙන බව පොලිස් බුද්ධි අංශ මගින් කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන මෙම ගණිකා නිවාස වැටලීමේ මෙහෙයුම් මේවන විටත් ආරම්භ කර ඇති බවත් මෙම මෙහෙයුම් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බවත් පොලිස් මූලස්ථානය පවසනවා.
මෙම සම්බාහන මධ්‍යස්ථාන තුළ විශාල වශයෙන් අකටයුතුකම් නීතිවිරෝධී ක්‍රියාවන් සිදුවන බවත් එම මධ්‍යස්ථානවල සේවය කරන බොහෝ තරුණියන් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවත් හෙළිව ඇති බව පොලිසිය පවසයි.
පසුගිය දින කීපය තිස්සේ කොළඹ නගරයේ ප්‍රදේශ කීපයක මෙම සම්බාහන මධ්‍යස්ථාන වැටලීමේ මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක කළ බවද පොලිස් මූලස්ථානය පවසනවා.
