චීනයේ වූහාන් සිට මෙහි පැමිණීමට නියමිත ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් 48 දෙනාට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම සඳහා ආරක්ෂක හමුදාව මැදිහත් වී දියතලාවේ විශේෂ කාමර 48 ක් පැය 36 ක් ඇතුළතදී ඉදිකර අවසන් කළ බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (30) ප්‍රකාශ කළා
මෙසේ පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනා රැඳවන මෙම කාමර විශේෂ ආරක්ෂක කලාපයක් වශයෙන් යොදවන අතර මෙම ආරක්ෂක කලාපයට ඇතුළුවිය හැක්කේ හමුදා වෛද්‍ය බළකායේ නිලධාරීන්ට පමණයි.
මෙම කාමර 48 පහසුකම් සහිතව ඉදිකර තිබෙන බව ද හමුදාපතිවරයා පැවසීය.
නෝමන් පලිහවඩන