විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
ජනාධිපතිවරණ පරාජයත් සමග සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්විය.
සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා කිරීම සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සියලු සාමාජිකයන් පත් කිරීම එළඹෙන සඳුදා (27 වැනිදා) වන විට අවසන් කිරීමට ද තීරණය කර ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.
