අලුත් අවුරුදු උදාවෙද්දී ලොව පුරා බිලිදුන් 392,078 ක් ඉපිද ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.
රටවල් 08 ක ඉපිද ඇති බිලිදුන් සංඛ්‍යාව ඔවුන් ඉදිරිපත් කරමින් ඔවුන් ඒ බව පවසා ඇති අතර වැඩිම බිලිදුන් සංඛ්‍යාව ඉන්දියාවේ ඉපිද තිබෙනවා.
ඒ 67,385 ක්.
චීනයේ ඉපිද ඇති බිලිදුන් සංඛ්‍යාව 46,299 ක් වන අතර නයිජීරියාවේ බිලිදුන් 26,039 ක් ඉපිද ඇති බව මෙම සංවිධානය පෙන්වා දෙන්නේ.
නව වසරක ආරම්භය සහ නව දශකය අපගේ අනාගතය සදහා පමණක් නොව අපට පසුව පැමිණෙන අයගේ අනාගතය පිලිබද අපේ අපේක්ෂාවන් පිලිබිඹු කිරීමට අවස්ථාවක් වන බව යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ හෙන්රියාටා ෆෝර් පැවසුවා.
සෑම අවුරුද්දකම ලොව පුරා සුභ දිනයක් වන අලුත් අවුරුදු දවසේ උපත ලද දරුවන්ව යුනිසෙෆ් සංවිධානය මගින් සමරනු ලැබීම විශේෂත්වයක්.