“යකෙක් වැහිලා”….. “පෙරේතයෙක් වැහිලා”…….. “පෙරේත ගඳයි”…….. “මල පෙරේත බැල්මක්” වැනි වදන් අපට නිරතුරුව ඇසේ. සාමාන්‍ය ජන ජීවිතයේදී මෙන්ම ඊටත් වඩා ජ්‍යෙතිෂය ගුප්තවිද්‍යාව වැනි දේ කරන අපට දිනපතා අපට සුපුරුදු වදන්ය. කවුරු පිළිගත්තද කවුරුන් පිළිනොගත්තද අප සත්‍යයට මුහුණ දිය යුතුය. බුද්ධ ධර්මයේදී ප්‍රේත ලෝක , දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක ගැන සඳහන්වේ. “ප්‍රේත වත්ථු” සහ “විමාන වත්ථු” යන දෙකේ ප්‍රේත ආත්ම සහ දේව ආත්ම ගැන මනාව සඳහන්වේ. යම් අයකුට ප්‍රේත ආත්ම ගැන දැනගත යුතු නම් “ප්‍රේත වත්ථු” පරිශීලනය සුදුසුය.
අපට දැනෙන සියල්ල දකින්නට නොහැක. සුළඟ, ඇඟට, නහයට, දැනුණද දැසට පෙනෙන්නේ නැත.
දෙනෙතට නොපෙනෙන නිසා සුළඟ වාතය නැතැයි තර්ක කළ නොහැක. අපට නොපෙනෙන එහෙත් අප වටා සැරිසරන බොහෝ දේ පවතී. මින් එක් අවස්‌ථාවක් ලෙස අමනුෂ්‍ය දෝෂ දැකිය හැක.
මේ පොදුවේ අමනුෂ්‍යයෑයි සඳහන් කළද ඒවා වර්ග කිහිපයකට බෙදා දැක්‌විය හැක.
යක්‌ෂ
යක්‌ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ, මළ ප්‍රේත (මළ පෙරේත), මළ යක්‌ෂ (යක්‌ෂ), ගෙවල ආදී වශයෙන් අවස්‌ථා ගණනක් ඇත.
මෙයින් මළ යක්‌ෂයින් හෙවත් යක්‌ෂයින් දරුණු ගණයේ ලා සැලකේ. අප කවුරුත් දන්නා රීරියක්‌ෂයා, මහසොහොනා, කඩවර යක්‌ෂයා නම් වශයෙන් සඳහන් කළ හැකි වුවද මෙවැනි චරිත බොහෝ රාශියක් ඇත. සාමාන්‍ය ජීවිතයේදී ඔබට හා මට හුරු පුරුදු චරිත කිහිපයක් විමසා බැලුවොත් අප දන්නේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු රැසක් සිටියද නාමිකව මතකයේ ඇත්තේ සුළු පිරිසක්.
චිත්‍රපට නළු නිළියන්ද එසේමය. විදේශ රටවල ජනාධිපතිවරු ඇමතිවරුද සියල්ල අපට මතක නැත. අදාළද නැත.
ඒ ලෙසම යක්‌ෂයින්ද සිය දහස් ගණනක් ඇතත් ඔවුන් සියල්ල අපට හමුවන්නේ හෝ වින කරන්නේ නැත.
යක්‌ෂයන්ට අමතරව ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ ආදී විවිධ අමනුෂ්‍යයන් රාශියකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ආදී ලෙස දේශපාලකයින් සිටින්නාක් මෙන් චිත්‍රපට නළු නිළියන් රූපවාහිනී නළු නිළියන් වේදිකා නාට්‍ය නළු නිළියන් ආදී බොහෝ රාශියකි. අන් අංශවලත් එසේමය.
භූත විද්‍යාවට අනුව මනුෂ්‍ය වර්ගයාට අමනුෂ්‍ය දෝෂ එල්ලවිය හැකි අවස්‌ථා රාශියකි.
මළ ගෙදරකදී
සොහොන් පිටියකදී
පාළු භූමියකදී
මස්, මාළු, පුළුටු ආදී ආහාර ගැනීමේදී
ඇඳුම් මාරු කරන අවස්‌ථාවලදී
හුදකලා ස්‌ථාන
දෙමංසල, තුන්මංසල, රදාතොට ආදී ස්‌ථාන
දිය නාන අවස්‌ථාවලදී (ළිං තොට, ගං තොට, පැන් තොට)
අපට අමනුෂ්‍ය දෝෂයන් ඇතිවිය හැකි අවස්‌ථා බොහෝය. “අප දුර්වල” වන ඕනෑම අවස්‌ථාවක අමනුෂ්‍ය දෝෂයක් ඇතිවිය හැක. දුර්වල වීම යනු සිරුරේ ශක්‌තිය නොව මානසික හෝ ග්‍රහ බලය දුර්වලවීමයි. මේ සමඟම සිරුර දුර්වල වේ.
ඉහත සඳහන් කළේ ඉබේම සිදුවන යක්‌ෂ, ප්‍රේත (අමනුෂ්‍ය) දෝෂ පිළිබඳවයි. මෙයට අමතරව
නූල් පැන්නුම්
ඉරි පැන්නුම්
බීමට දීම
කෑමට දීම
තෙල් මතුරා දීම
මිනී අළු ඉසීම
හදි හූනියම්
ආදියෙන් කෙනෙකු තව අයකුට අත්කළ හැකි අමනුෂ්‍ය දෝෂ රාශියකි. මේ දෝෂ ඉබේම ඇති වූයේද නැතහොත් තවත් කෙනකු විසින් ඇති කළේද? යන්න නොව මේවායින් ඇතිවිය හැකි ප්‍රතිපල භයානකය.
සාමාන්‍ය වශයෙන් යමකුට
නිතර ඇතිවන හිසරුදාව
වමනය
ඔක්‌කාරය
බඩ පුරවාලීම
නිදිමත ගතිය
යටිබඩ කොරවීම
සිරුරෙන් දුර්ගන්ධයක් පිටවීම
දරුවන් නොමැතිවීම
නෂ්ඨකාමය
අකලට වියපත්වීම ආදී දේ සිදුවේ.
මුලදී මේවා කුමන හෝ රෝගයක් යෑයි සිතා අත් බෙහෙත් ගන්නටත් පසුව වෛද්‍ය ප්‍රතිකාර කරන්නටත් අප පෙළඹේ.
වෛද්‍යවරු විවිධ පර්යේෂණ හා ඖෂධ වර්ග ලබාදුන්නද රෝගය සුවවීමක් සිදු නොවේ. එවිට අප හමුවීමට පැමිණෙන අවස්‌ථා ඇත.
ඇතැම් විට ඒ එන්නේ රෝගය බොහෝ උත්සන්න වූ පසුවය. නැතහොත් වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කරන්නට “නොහැකි” නැතහොත් “රෝගයක් නොමැති” බව පැවසූ විටය.
පොදුවේ අමනුෂ්‍ය දෝෂ ඇති විට ඉහත කී රෝග ලක්‌ෂණ පෙන්නුවද ඒ ඒ අමනුෂ්‍යයාට ඇතිවන රෝග ලéණ වෙනස්‌ය.
ගෙවල යක්‌ෂ දෝෂය උදාහරණ ලෙස ගතහොත්
සුව නොවන තුවාල
අධික හිස රුදාව
කටින් කෙළ පිටවීම
කථාකරනවිට දුගද හැමීම
විකාර සිහින පෙනීම
අම්ල පිත්ත (ගැස්‌ට්‍රයිසිස්) රෝගය
කුම්භාණ්‌ඩ අවස්‌ථාවේදී
හොරි දද ඇතිවීම
පාචනය
අපිරිසිදු බව
නිදිමත ගතිය
විඩාබර ගතිය
නෂ්ඨ කාමය
ආදී රෝග මැවේ. මේ නිසා තම තමන්ට ඇතිව ඇති දෝෂය පළමුව හඳුනාගත යුතුය.
එය දක්‌ෂ භූත වෛද්‍යවරයෙකුට පහසුවෙන් කළ හැක. නැතහොත් අඳුන හෝ අංජනමක් මගින් දැනගත යුතුය. එසේත් නැතිනම් “මළ පෙරේත දිෂ්ටිය” හෝ මහ සොහොන් දිෂ්ටිය” වැනි දිෂ්ටියකින් මතුරන්නට අවශ්‍යය. මේ මැතිරීමේදී රෝගියාට දහඩිය දැමීම, ක්‌ලාන්තය, හෝ දොඩමළුවීම ආදී රෝග ලක්‌ෂණ පහළවේ.
රෝගය හදුනාගත් පසු
තැම්බුම් හොදි මතුරා දීම
පස් ඇඹුල මතුරා දීම
තැඹිලි මතුරාදීම
දෙහි, අහු, අළුපුහුල් ආදිය කැපීම
නූල් යන්ත්‍ර දැමීම ආදිය සිදුකළ යුතුයි.
1) මෙහිදී රෝග ලක්‌ෂණ
2) රෝගය (දෝෂය හඳුනාගැනීම)
3) නිවැරදි පිළියම් යෙදීම වැදගත්ය.
එසේ නොකළහොත් දීර්ඝ කාලීන රෝගී භාවය, විවාහ දෙදරා යාම, රැකියා අහිමිවීම, අංගවිකලවීම, සිරුර අධික ස්‌ථුලවීම, හෝ අධික ලෙස කෙට්‌ටුවීම, ආදිය විය හැක.
අවසානය මරණය වුවද විය හැක. ඒ නිසා නිවැරදිව තමාට ඇති දෝෂ තත්වය හඳුනාගැනීම වැදගත්ය. ඒ සඳහා නිවැරදි ක්‍රම වේදයන් අනුගමනය කළ යුතුයි.
ඕනෑම රෝගයකට “පෙනඩෝල්” පෙති බොන්නාක් මෙන් ජලනන්දන පිරිත හෝ රතන සූත්‍රය සියල්ලට සුදුසු නොවේ. ඒවායෙන් ඇතිවන්නේ ඇතැම් අමනුෂ්‍ය දෝෂ පහකිරීම පමණි. ඒ නිසා රෝගියා සහ භූත වෛද්‍යවරයා පළමුව සුහඳව කථාබහකොට තමාගේ රෝග තත්ත්වය (දෝෂය) ඇදුරාට පැවසිය යුතුය. භූත වෛද්‍යවරයාට තමාවෙත එන දෝෂ (රෝගියා) හඳුනාගෙන අවශ්‍ය පිළියම් යෙදීම වැදගත්ය.
මනෝ වෛද්‍යවරු බොහෝ මානසික රෝග සුවකළ ද අමනුෂ්‍ය දෝෂ මනෝ විද්‍යාවෙන් සුව කිරීම කළ නොහැක. මේ අංශ දෙක දෙකකි. ඒ නිසා මනෝ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය එකක් වන අතර භූත වෛද්‍යවරයාගේ කාර්යය වෙනත් එකකි.
