Gossip

තිසර පෙරේරා යුද හමුදාවට එක්වෙයි

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම් වල නායකත්වය දරා ඇති තිසර පෙරේරා, අධිකාරිලත් නිළධාරියකු ලෙස යුද හමුදාවට බඳවාගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අදහසක් අනුව මේජර්වරයකු ලෙස තිසර බඳවාගෙන ඇත්තේ යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරමිනි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයන් තිදෙනක් සහ ක්‍රීඩිකාවන් 8 දෙනෙක් දායද කර ඇති යුද හමුදාව, මේ වන විට පළමු පෙළ තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ තරග වදියි. මේ වසර (2019) තුළදී තිසරට අමතරව දිනේෂ් චන්දිමාල්ද මේජර්වරයකු ලෙස යුද හමුදාවට බඳවාගනු ලැබූ අතර අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද හමුදා ක්‍රීඩකයෝ වූහ.

මේ වන විට එක්දින තරග 161 කට ක්‍රීඩා කර ඇති තිසර එහිදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 2210 ක් රැස්කරගෙන තිබේ. තිසර විසින් දවාගනු ලැබ ඇති එක්දි කඩුලු සංඛ්‍යාව 171 කි.

විස්සයි20 තරග 79 කදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 1169 ක් රැස්කරගෙන ගෙන සිටින තිසර එහිදී කඩුලු 51 ක්ද බිඳහෙළා ඇත.

ලංකාදීප.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!