මෙතෙක් ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ධම්මික පෙරේරා අභිබවා LOLC සමූහ ව්‍යාපාරයේ සභාපති ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වී තිබේ. ඒ LOLC සමූහ ව්‍යාපාරයට අයත් කාම්බෝජියාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් කොරියානු බැංකුවක් විසින් ඩොලර් මිලියන 603.4කට මිලට ගැනීමට සමගය. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 108.5ක මුදලකි. මින් පෙර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි වැලිබල් වන් සමාගමේ සභාපති ධම්මික පෙරේරා ඇමෙරිකානු ඩොලර් මිලියන 550$ ක වත්කම් සමගින් 2013 වසරේදි මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත් විය. ඉෂාර නානායක්කාර LOLC සමූහ ව්‍යාපාරයේ 50%කට වඩා හිමිකම් දරනා අතර ඔවුන්ට ලොව බොහෝ රටවල විවිධ ක්ෂේත්‍රයන්ගේ ව්‍යාපාර පවති.
