Gossip

“රොෂාන් රණවන අයියාට කිස් එකක් දුන්නා, මම ඒ දේ කරේ එයාට නොකියා, ඒත් මට එහෙම කරන්න බය හිතුනා..” – ඕෂධි හිමාෂා

ඕෂධී හිමාෂා කියන්නේ නිතර කතාබහට ලක්වෙන චරිතයක්.
නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිණියක් විදිහටත් ඇය රසික ආදරය දිනාගත්තා.
ඕෂධී සිනමාවට පිවිසෙන්නේ උදයකාන්ත වර්ණසූරියගේ ”වස්සානයේ සඳ” නිර්මාණය සමගයි.
එලෙසින් සිනමාවට ආ ඇය මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන්නේ හර්ෂ උඩකන්දගෙ ”ෆේස් ටු ෆේස්” චිත්‍රපටයේ ”අමායා” නමැති චරිතය සමගයි. ඇයට ඒ රංගනය ගැන වගේම ජීවිතයේ සතුටට හේතු වූ විශේෂ කාරණයක් ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඕෂධි මුලින්ම කියමු වඩාත් සතුටින් සිටින හේතුව ගැන?
මේ වනවිට මම අම්මා කෙනෙක්. ඒ සතුට ඇත්තෙන්ම වචනයෙන් කියා නිම කරන්න බැරි තරම් දෙයක්. ලොකු ආශාවක් ලොකු බලාපොරොත්තු පොඳි බැඳගෙන සිටින චරිතයක් නෙවෙයි මම. සතුටින් කාලය ගත කිරීම අරමුණයි.
දැන් පුංචි දියණිය නිසා ඇය වෙනුවෙන් තමයි සෑම තත්පරයක්ම ගත වෙන්නේ. දරුවකු බිහිකරනවාය කියන දේ ගැන අහලා දැකලා තිබුණට ඒ අත්දැකීම විඳලා තිබුණේ නැහැ.
දරු ප්‍රසූතිය අතිශය වේදනාකාරී දෙයක් තමයි. ඒත් දරුවගේ මුහුණ දුටුවාම ඒ වේදනාව යටපත් වුණා.
දැන් එයා වැඩෙන දිහා බලාගෙන ඉන්නවා. මවක් වීම ඇත්තෙන්ම හරි පුදුම අත්දැකීමක්.

රංගන හා නිරූපණ ශිල්පිණියක ලෙස කටයුතු කරන ඔබ මේ මවකගෙ වගකීම දකින්නෙ කොහොම ද?
මම තවම අම්මාගෙ චරිතයට අලූත්. අපේ අම්මා අපට කී දේ සිහිගැන්වෙනවා. ගැහැනු ළමයකු ලෙසත් ඉන්පසුව තරුණියක ලෙසත් ගත කළ දඟකාර, සැහැල්ලූ ජීවිතයට වඩා මේ ජීවිතය වෙනස්. දැන් මම ඒකට හුුරුවෙමින් සිටින මොහොතක්.

ඔබගෙ සහකරුවා ලෙස තෝරාගත් චරිතය ගැන අද හිතන්නෙ කොහොමද?
සත්තකින්ම සියයට සීයක්ම ඒ ගැන සතුටු වෙනවා. මගේ තේරීම හරියටම හරි. මනෝජ් මම වගේම සරල චරිතයක්. අපි දෙන්නගෙ අදහස් ගැලපෙනවා.

දැන් ඉතින් ගෙදර ඉවුම් පිහුම් කටයුතු කරන්නත් වෙනවා නේද?
ගැහැණියක ලෙස සම්පූර්ණ විය යුතු දේ තියෙනවනේ. ඇත්තම කිව්වොත් අද මම හරිම කාර්යබහුලයි.
ගෙදර දොර වැඩ ඇතුළු සියල්ල නිසා එහෙම වෙලා. ඒ සියල්ල මම කරන්නේ සතුටින්.

මවක් වෙලා, ගෙදර වැඩත් එක්ක කාර්යබහුල වුණාම රූපය අවලස්සන වෙනවා කියලා සමහර අම්මලා හිතනවා. ඕෂධි කොහොමද පෙරටත් වඩා හොඳට රූපය පවත්වාගෙන යන්නේ?
ඕක ලංකාවේ තියෙන මතයක්නේ. කෙල්ල කාලයේ තියෙන රූපය මවක් වුණාම නැතිව යනවා කියන.
මම මගේ ෆිගර් එක ගැන හොඳින් හිතන කෙනෙක්. ඒ වෙනුවෙන් මම කැප වෙනවා. මගේ සැමියාත් මට ඒකට ගොඩාක් සහාය වෙනවා. මටත් වඩා එයා ඒ ගැන හිතනවා කිව්වොත් හරි. ගර්භණී සමයේදී පවා මම ඒ ගැන සැලකිලිමත් වුණා. උනන්දුව සහ කැපකිරීම තියෙනවානම් රූපය හොඳින් තියාගන්න පුළුවනි.

ඒ වෙනුවෙන් කෑම පාලනය කරනවා ?
සෞඛ්‍ය සම්පන්නව කළ යුතු දේ ගැන ගර්භණී සමයේදීම මගේ වෛද්‍යවරයා මට උපදෙස් ලබා දුන්නා.

”මව් කිරි” දීම ගැන හිතන්නෙ කොහොමද?
මම නිරූපණ ශිල්පිනියක් ද, රංගන ශිල්පිනියක ද කියන එක නෙවෙයි ප්‍රශ්නය. මවක් වුණාම අනිවාර්යයෙන්ම මව්කිරි දෙන්නම ඕනෑ.
ලෝකයේ ස්වභාවය එයයි. ඊට පිටින් යන්න හොඳ නැහැ. වෛද්‍යවරු වුණත් අනුමත කරන්නෙ පැය දෙකින් දෙකට මව් කිරි දෙන්න කියලයි. මට වෙලාවක් කලාවක් නැහැ. බබා ඉල්ලන වෙලාවට කිරි දෙනවා.

ඕෂධි රඟපෑම දිගින් දිගටම කරනව ද?
ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න අකමැතියි. සැමියත් මාව ගොඩාක්ම දිරිගන්වනවා. කාලය බෙදා හදාගෙන කලාවේ නිරත වෙනවා.

”ෆේස් ටු ෆේස්” චිත්‍රපටයේ චරිතය ගැන කතා කළොත්?
මගේ චරිතයේ නම අමායා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්, චරිතයේ හැටියට හරිම කපටි ගැහැනු ළමයෙක්. රූමත්කමින් වැඩි වගේම එයා කපටිකමිනුත් ඉහළ කෙනෙක්.

සැබෑ ජීවිතයේ චරිතය හා මේ චරිතය මොන වගේද?
සැබෑ ජීවිතයට කොහෙත්ම සම්බන්ධ නැති චරිතයක්.

ඕෂධි සැබෑ ජීවිතයේ කොහොම චරිතයක් ද?
මගේ ගැන දන්න අය දන්නවා මම කවුද කියලා. මම හරිම සරල කෙනෙක්. වෘත්තියට මුල්තැන දෙන, පවුල් ජීවිතයට මුල් තැන දෙන චරිතයක්. තිරයේ කරන චරිතය එතැන තියලා ගෙදර එන චරිතයක්. කුඩා කාලයේදී නම් මම හරි දඟමල්ලක් කියලා අම්මා කියලා තියෙනවා.
ඒ වගේම අද වගේ නෙවෙයිලූ. ගොඩක්ම මහත සුදුවට හිටපු කෙනෙක්. ඒ කාලයේ මාව කොහේ හරි ගෙනිච්චාම සුදු බෝලය කියලා හැමෝම මාව හුරතල් කරනවලූ. එහෙම හිටපු සුදුබෝලෙ තමයි මේ විදියට අද කෙට්ටු වෙලා ඉන්නෙ.

නිරූපණ ශිල්පිනියක් ලෙස පසුගිය කාලයේදී කළ කී දේ ගැන අද කොහොමද හිතන්නේ?
මම හිතන්නෙ මට හැකියාව වගේම දක්ෂතාවය වගේම රූපයත් ලස්සන වූ බව ඇත්ත. ඒත් ඒ මොනවා තිබුණත් වාසනාව නැත්නම් වැඩක් නැහැ.
මට වාසනාව කියන දේත් තිබෙන්න ඇති. ඒ නිසා කළ කී දේ ගැන පසුතැවීමක් නැහැ. මම කරන්නෙ නිර්මාණයට අවශ්‍ය දේ විතරයි.
වීඩියෝ නිර්මාණ 200කට විතර දායක වෙන්න මට අවස්ථා ලැබුණා. ‘ෆේස් ටු ෆේස්’ එක්ක චිත්‍රපට දෙකකට දායක වුණා. තවත් ආරාධනා බොහෝමයක් ලැබුණා. ඒ සියලූ දේ එක්ක මගේ රසික රසිකාවියක් මාව හඳුනාගෙන මට ආදරය කරනවා.

‘ෆේස් ටූ ෆේස්’ රූගත කරද්දී මුහුණ දුන් සිදුවීමක් ගැන සිහිපත් කළොත්?
එක්තරා අවස්ථාවක රොෂාන් රණවන අයියාට කිස් එකක් දෙන්න තිබුණා. ඒ අවස්ථාව හරියටම රූගත කළ යුතු නිසා රොෂාන් අයියාට නොකියා එය කරන්න කියලා අධ්‍යක්ෂ කිව්වා.
ඒත් මට එහෙම කරන්න බය හිතුණා. මොකද රොෂාන් අයිය, කියන්නෙ ක්ෂේත්‍රයේ සිටින හරි පිරිසිදු චරිතයක්. හැබැයි අපි සැලසුම් කළ විදියට වැඬේ කළා. එයා මොනවත් කිව්වේ නැහැ. ඒ දර්ශනය හොඳින් රූගත කෙරුණා.

සඳුන් ගමගේ
ලංකාදීප

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!