Gossip

රටේම රැල්ලක් යද්දි ඒ රැල්ලට පිටින් ගිහිල්ලා වත්තල හැඳල ගමේ කොල්ලො කෙල්ලො පටන් ගත්තු අලුත්ම වැඩේ – Photos

දැන් රටම ලස්සන වෙමින් තමයි තිබෙන්නේ.
සිත්තරුන්ගේ හැකියාවෙන් කවුරුත් එකතු වෙලා චිත්‍ර අදින වැඩේ රට පුරා ජයටම කෙරීගන යනවා.
ඒ රැල්ල ඒ විදිහට ක්‍රියාත්මක වෙද්දි තවත් අලුත්ම රැල්ලක් ගැනයි මේ අපි කියන්න යන්නේ.

මේ නගර සභාවේ සේවකයන් නොවෙයි.
වත්තල හැදල ගමේ තරුණයන් තමයි මේ.
අවුරුදු ගානක් පිරිසිදුයි නොකර කැලි කසල ටොන් ගණන් කානු ඇතුලෙ ගොඩ ගැහිලා වැස්සට කානු හිරවෙලා.
පොඩි වැස්සටත් මුළු හැදලම ගං වතුරෙන් යට වෙනවා.
විෂබීජ වලින් ලෙඩ රෝග හැදෙන්නෙ. ඩෙංගු වගේ රෝග පැතිරෙන්නෙ, මේ නොසැලකිල්ල නිසා.
බලධාරීන්ගෙ, නිලධාරීන්ගෙ ඇස් ඇරෙන්න ගමේ පුරවැසියන්ගෙ අවධානය යොමු වෙන්ඩ ගමේ කොල්ලො කෙල්ලො එකතු වෙලා මේ කානු සුද්ද කරන වැඩේ පටන් අරන්.
මේ මෙහෙයුම හෑමෝටම නැවත හිතන්න ඇස් ඇරෙන්න හොද අවස්ථාවක්. රටේම රැල්ලක් යද්දි ඒ රැල්ලට පිටින් ගිහිල්ලා ගමේ කොල්ලො කෙල්ලො මේ කරන වැඩේ රටටම ආදර්ශයක්.

ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!